ආහාරයේ රස ගුණ වැඩි කරන රස කාරක


Image result for රස කාරකඅපගේ වෑංජන රස කරන්නන් ලෙස කොත්තමල්ලි, සූුදරු, මාදුරු, කහ, එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු, ඉඟුරුපියලි, සුදුළූනු, ගොරකා, සියඹලා, අබ, උ‍්‍රළුහාල්, මිරිස්, සේර, රම්පා, කරපිංචා, ලුනු, රතුළූනු, දෙහි ආදී දේ දැක්විය හැක. මේ නම් වට්ටෝරුව දෙස බැලීමේ දී මේ සියල්ලම දේශීය වෙදකමේ දී ඖෂධ ලෙස භාවිතා කරන ද්‍රව්‍ය බව පැහැදිලියි. කෂාය, ගුලි, කල්ක, තෙල් වර්ග, ආසව, අරිෂ්ඨ ආදී සෑම නිෂ්පාදනයේ ඉතාමත් උපකාරී වන ඖෂධ ලෙසින් මේවා හැඳින්විය හැක. එයින් වැටහෙන්නේ මේ දේවල් ආහාරවලට යෙදීමෙන් එහි රසය ඉස්මතු කරනවාත් සමගම ආහාරයේ ඇති ඖෂධීය ගුණය ඉස්මතු කිරීමත්, ආහාරයට ඖෂධීය ගුණයක් එකතු කිරීමත්, ආහාරයේ ඇති විෂ කාරක හෝ අහිතකර තත්ත්ව දුරු කිරීමටත් උපකාරී වෙයි. එහෙයින් අපි මේ ලිපි පෙළින් මේවායේ ඇති ඖෂධීය ගුණය විමසා බලමු.ඉහත නම් කළ රසකාරක වලින් වැඩි ප‍්‍රමාණයක් එක්කර සාදන ඖෂධීය පාලනයක් මෙන්ම ආහාරයකි තැම්බුම් හොද්ද. මෙය ආහාරයට නොගත් කෙනෙකු නැති තරම්ය. රෝග අවස්ථාවක දී, රෝගයෙන් මිදුණු පසුව, උණ, අතීසාර ආදී අවස්ථාවල දී බෙහෙවින් භාවිතා වන ආහාරයකි. එසේ ම එයින් ලද ගුණය ද ප‍්‍රායෝගිකව අප සියලු දෙනාම අත්විඳ ඇත.
කොත්තමල්ලි කොතඹුරු, කොත්තමල්ලි යන සිංහල නම් වලින් හඳුන්වන මෙය ආර්ද්‍රිකා, ධාන්‍ය, ධාන්‍යකා යන සංස්කෘත නම් වලින් හඳුන්වන අතර,Corianderලෙසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් හඳුන්වයි. මේවා ඖෂධයක් ලෙසින් මෙන්ම ආහාරයක් ලෙසින් ද ඉතා වැදගත් වුවත් ලංකාවේ එතරම් වගා කරන වර්ගයක් නොවන අතර ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ආනයනය කරන වර්ගයකි. ආයුර්වේද මතානුකූලව කිසියම් දෙයක ඖෂධීය ගුණය විග‍්‍රහ කිරීමේ දී එම ද්‍රව්‍යයේ රසය, ගුණය, වීර්ය, විපාකය සැලකිල්ලට ගනු ලැබේ. ඒ අනුව කොත්තමල්ලි වල,රස - මධුර, කටුක, තික්ත, කසටගුණ - ලඝු, ස්නිග්ධවීර්්‍ය - උෂ්ණයි.විපාක - මධුරමෙහි තික්ත, කසට, කටුක රස මෙන්ම ස්නිග්ධ ගුණ හා උෂ්ණ විර්ය නිසා වාතය සමනය කරයි. කසට, තික්ත, මධුර හේතුවෙන් පිත සමනය කරයි. කටුක, තික්ත, කසටය රස හා උෂ්ණ විර්ය හේතුවෙන් සෙම සමනය කරයි. ඒ අනුව කොත්තමල්ලි තුන් දොස ම සමනය කරන ඖෂධයකි. කොත්තමල්ලි අමුවෙන් (කබලේ නොබැද) ගත් විට එහි ශීත ගුණයක් ඇති වෙයි. එහෙයින් පිපාසය සංසිඳුවන අතර හොඳ මුත‍්‍ර කාරක ඖෂධයක් ලෙස ද දැක්විය හැක. උෂ්ණ විර්ය ගුණය නිසා මේ මගින් ශරීරයේ විෂ පිටකිරීමේ ශක්තිය ද ඇත.කොත්තමල්ලි ඇටවල අඩංගු තෙල් නිසා දහඩිය වගුරවන ගතිය ඇති වෙයි. මෙය සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ඉතා හොඳ ගුණයකි. (දහඩිය මගින් සිරුරේ විෂ, අපද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් බැහැර වෙයි.) මෙහි උෂ්ණ විර්ය හා ලඝු ගුණය හේතුවෙන් ආහාර මාර්ග පද්ධතියේ කි‍්‍රයාවක් ක‍්‍රමවත් කරවයි. ආහාර රුචිය උපදවා, බඩගිනි වඩවා ආහාර පැසවීම යහපත් කරවයි. එහෙයින්් මේවා අග්නාමාන්ද රෝගීන්ට ඉතා යහපත්ය. කොත්තමල්ලි වලින් බඩ පිපීම දුරු කරන අතර, කට ගඳගසන අයට මේවා ඇට සැපීමෙන් ගුණයක් ලැබේ. පිත් බහුල රෝග අවස්ථාවල දී බෙහෙවින් යෙදෙන වටිනා ඖෂධයකි කොත්තමල්ලි.භ‍්‍රම, මුර්ඡා, අරුචි, වමන, අතීසාර, උදරශුල, අර්ශස්, පණු රෝග, රත්පිත, කැස්ස, මුත‍්‍රා බද්ධය ආදී රෝග අවස්ථාවල දී ඉතා ගුණදායක ඖෂධයකි. උණ රෝගයේ දී ඉතා ගුණදායක වේ. ඉදිමුම්, වේදනා, විසර්ප, ඇස් රෝග, නාසා රෝග, හිසරදය ආදී අවස්ථාවල ද අඹරා අලේපයට ඉතා හොඳයි. බඩදැවිලි අවස්ථාවේ දී කොත්තමල්ලි තැම්බූූ වතුර සීනි දමා බීම ඉතාමත් ගුණදායකයි.
සූදුරු සූදුරු, සුදුදුරු යන සිංහල නම් වලින් ද, ජිරක යන සංස්කෘතික නමින් ද  Cumin යන ඉංග‍්‍රීසි නමින් ද මේවා හඳුන්වයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ බහුලව වැවෙන පැලෑටියක් වන මේවා ගුලි, කල්ක, තෙල්වල සරක්කු සඳහා, අරිෂ්ට, ආසව, චූර්ණ, ක්වාථ ආදියට බොහෝ සෙයින් යෙදෙයි.සූදුරුවල රස - කටුක, ගුණ - ලඝු, රූක්ෂවිර්ය - උෂ්ණ , විපාක - කටුකසූදුරු උෂ්ණ වීර්ය හෙයින් වාතය හා සෙම සමනය කරන අතර පිත වර්ධනය කරන ගුණයක් පවතී. රක්ත ශෝධක ගුණයක් පවතී. මුත‍්‍ර කාරකයි. ආහාර පැසවීම කරයි. කුසගින්න ඇති කරවයි. කි‍්‍රමි නසයි. කිරි ජනනය කරවයි. හෘදයට හිතයි. ඉදිමුම් නසන, වේදනා නසන සූදුරු සමේ රොග, නේත‍්‍ර රෝග හා විෂ රෝගවල දී ආලේපයක් ලෙසින් වැදගත් වෙයි. කටහඬ පැහැදිලි කරවයි. මේ අනුව සූදුරු අරුචි, වමන, අජීර්ණ, බඩපිපුම, අර්ශස්, පණු රෝග, බඩගිනි අඩුම ආදී රෝගවලට ඉතා යහපත්ය. විශේෂයෙන් ළදරුවන්ගේ ආහාර නොපැසවීම හේතුවෙන් හටගන්නා උදර රෝගවල දී ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. සුදුරු කබලේ බැද කුඩුකර කෝපි තේ වත්කර පානය කිරීනේ ද එම කුඩු මීපැණි සමග වැළඳීමෙන් ද මෙම උදර රෝග දුරු කර ත හැක. සුදුරු තැම්බූ වතුරෙන් මුහුණ සේදීමෙන් මුහුණ ශෝභාමත් වෙයි.
මාදුරු සූදුරු වලම ප‍්‍රභේදයක් වන මාදුරු වලින් ලැබෙන ගුණය තරමක් වෙනස් වෙයි.රස - මධුර, කටුක, තික්තගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණවිපාක - මධුරස්නිග්ධ ගුණ, උෂ්ණ විර්ය, මධුර විපාක හෙයින් වාතය සමනය කරයි. කටුක තික්ත රස හා උෂ්ණ විර්ය හෙයින් සෙම සමනය කරයි. මධුර රස හා මධුර විපාක හේතුවෙන් පිත සමනය කරයි. මේ අනුව තිදෝෂයම සමනය කරයි. උණ (ජ්වර) නසයි. මුත‍්‍ර කාරකයි. ඇදුම, කැස්ස සමනය කරවයි. ගර්භාෂ ගත රෝග නසයි. ස්තන්‍ය ජනනය කරවයි. සෙම පහ කරවයි. ආර්ථවය ඇති නරවයි. වකුගඩු, මුත‍්‍ර මාර්ග, ගැබ් මග, අක්මා ආදියේ අවරෝධතා දුරු කරවයි.
කහ හරිද්‍රා, නිශා යන සංස්කෘතික නම් වලින් හඳුන්වන Tumeric යන ඉංග‍්‍රීසි නාමයෙන් හඳුන්වන කහ හෙවත් අත්කහ ඉන්දියාව ජන්ම භූමිය කර ගත් ලංකාවේ ද සෑම ප‍්‍රදේශයකම හොඳීන් වැවෙන ඉතා ප‍්‍රයෝජනවත් ඖෂධයකි.තික්ත රස හා උෂ්ණ වීර්ය හේතුවෙන් සෙම සමනය කරයි. ප‍්‍රතිශ්‍යා, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා දුරු කරවයි. පිනස් රෝග හා ඇදුම අවස්ථාවල ලේවල ඉයොසනපිලියා (Eosinophilia) වැඩි වූ විට කහ භාවිතා කිරීමෙන් එය අඩුකර ගත හැක.රක්ත වර්ධක ගුණයක් ඇති අතර රක්ත කෝපයෙන් හට ගත් රෝගවල දී කහ යොදා සුව අත්කර ගත හැක. රක්ත ශ‍්‍රාවයන්හි දී ද කහ භාවිතා කරයි. අමු කහ යුෂ අලුත් තුවාල හා සීරීම් වලදී ද කුඩැල්ලන් විදීමෙන් හටගත් තුවාලවලට ද ඉතා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයකි. කුෂ්ට රෝගවල දී සමේ ව‍්‍රණ ඇතිවිට දී, සමේ බිබිලි ඇති විට දී ඉතා ගුණ ඖෂධයකි. පැපොල, සරම්ප රෝග අවස්ථාවලදී ද කහ වලින් සමට හොඳ ප‍්‍රතිකාර කළ හැක.කහ ආහාර රුචිය වඩවයි. බඩ පුරවා දැමීම දුරු කරයි. ආමාශයික දෝෂ සමනය කරවයි. පණුවන් නසයි. ඇස් රතුවීම, කැසීම, වේදනාව වැනි අක්ෂි රෝග අස්ථාවල දී ද කහ ඉතා හොඳ ප‍්‍රතිකාරයකි. ඇස් රුදාව හා ඇසේ දැවිල්ල දුරු කරවයි. කණ පැසවීමෙන් හටගන්නා වේදනාවට ද ඉතා හොඳ ඖෂධයකි කහ. කහවල ශෝධන ගුණයක් ඇත.කහ ආලේපයෙන් ඉදිමුම දුරු කරවයි. ලේ වල කොලෙස්ටරෝල් පාලනය පිණිස ද ඉතා ගුණය. මේ ආකාරයට ශරීරය තුළ ඉතා විශාල මෙහෙයක් කහ වලින් ඉටු කරවයි.
එනසාල්මහ එනසාල්, හීං එනසාල් ලෙසින් ප‍්‍රභේද දෙකක් ඇති මේවාට සංස්කෘත භාෂාවෙන් ඒලා ලෙසින් ද,ඉංග‍්‍රීසි භාෂාවෙන් Cardamon ලෙසින් ද හඳුන්වයි. මේ ප‍්‍රභේද දෙකම ඖෂධ පිණිස භාවිතා කරයි. සුළු අපනයන භෝගයක් ලෙස රටට ආදායමක් ලබා දෙන එනසාල් ආහාර හා බුලත් විට රස කිරීමට ද භාවිතා කරයි. ඉතා හොඳ සුවඳ කාරකයකි.හීං එනසාල්,රස - මධුර, ගුණ - රූක්ෂ, ලඝු, විර්ය - ශීතවිපාක - මධුර, මහ එනසාල්, රස - කටුක, තික්තගුණ- ලඝු, රූක්ෂ, විර්ය - උෂ්ණ විපාක - කටුකමෙම දෙකේ රස, විර්ය, විපාක එකිනෙකට වෙනස් වුණත් වෙන වෙන ම දෝෂ තත්ත්වයන් සැලකීමේ දී දෙකම ති‍්‍රදෝෂයම සමනය කරයි. හෘදය උත්තේජනය කරන ඖෂධයක් වන අතර ආහාර පැසවීම කරවයි. බඩගින්න ඇති කරවයි. මුත‍්‍ර කාරක ඖෂධයකි. දාහය සමනය කරවයි. වමනයත් පිපාසයත් වළකයි. මුඛ දුගඳ දුරු කරයි. මුව පිරිසුදු කරවයි. වේදනා සමනය කරවයි. චර්ම රෝග සඳහාත් බඩ පිපුම සඳහාත් ගුණදායක වෙයි.එනසාල් බොහෝ ඖෂධ නිෂාපාදනයේ දී වැදගත් වේ. නාරායන තෙල, බලා තෙල, චන්ද්‍රප‍්‍රභාවටී, ති‍්‍රඵලාමෝදකය, දශමුලාරිෂ්ටය, ද්‍රාක්ෂාරිෂ්ටය, පිප්පල්‍යාසවය, තාලිසාදි චූර්ණය, භාෂ්කර ලවණ චූර්ණය, සීතොඵලාදි චූර්ණණය, ලවංගාදි චූර්ණය ආදිය එනසාල් යොදන ඖෂධ වර්ග වලින් කිහිපයකි.සිරුරේ හටගන්නා විවිධ රෝගාබාධ සඳහා අත් බෙහෙත් ලෙසින් ද එනසාල් භාවිතා වෙයි. මේ අනුව ඉතා විශාල නිෂ්පාදන ඖෂධ සංඛ්‍යාවකට භාවිතා කරන මේ එනසාල් ඖෂධයක් ලෙසින් ඉතා ප‍්‍රයෝජනවත් වෙයි.
කරාබු ලවංග යන සංස්කෘත වචනයෙන් හඳුන්වන කරාබු ඉංග‍්‍රීීසියෙන් Clove ලෙස හඳුන්වයි. හොඳ සුගන්ධ කාරකයක්, ආහාර රස කරන්නෙක්, ඖෂධයක් මෙන්ම සුළු අපනයන බෝගයක් ලෙසට ද ඉතා වැදගත් වෙයි. මලක්කා දේශය ජන්ම භූමිය කර ගත් කරාබු ලංකාවේ ද උස අඩි 2000 දක්වා බිම්වල හොඳීන් වැඩේ.රස - කටුක, තික්තගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - ශීීතවිපාක - කටුකකටුක, තික්ත රස හෙයින් සෙම සමනය කරන අතර, ශීීත විර්ය හෙයින් පිත සමනය කරයි. බඩගිනි බඩවයි. ආහාර පැසවීම යහපත් කරවයි. පිපාසාව, වමනය, බඩ පිපුම, වේදනා, කාසය, ඇදුම දුරු කරවයි. ආහාර රුචිය ඇති කරවයි. මුුඛ දුගඳ දුරු කරවයි. සෙම පිට කිරීමට උපකාරි වෙයි. මුත‍්‍ර කාරකයි. වකුගඩු උත්තේජනය කරවයි. හික්කාව සමනය කරවයි. දත් රෝගවල දී හොඳ ඖෂධයකි. විදුරුමස් ශක්තිමත් කරවයි. කරාබු වලින් ලබා ගන්නා තෙල ද මේ සඳහා භාවිතා වෙයි. ඖෂධීය සබන් හා දන්තාලේප නිපදවීමේ දී ද මෙම තෙල භාවිතා කරයි. වෙනත් ඖෂධ වර්ග නිෂ්පාදනයේ දී ද කරාබු බෙහෙවින් උපකාරී වෙයි. කුරුඳුසංස්කෘත භාෂාවෙන් ත්වක් ලෙසින් ද ඉංග‍්‍රීසියෙන් Cinnamon ලෙසින් ද හඳුන්වන මෙම කුරුඳු ලංකාවේ ඉතා හොඳින් වැවේ. නමුත් ඉන්දියාවේ කුරුඳු පැතිරීම එතරම් හොඳින් සිදු වී නැත.රස - කටුක, තික්ත, මධුරගුණ - ලඝු, රූක්ෂ, තීක්ෂණවිර්ය - උෂ්ණවිපාක - කටුකමෙහි උෂ්ණ විර්ය හෙයින් කඵ (සෙම) හා වාතය සමනය කරයි. උෂ්ණ විර්ය හා කටුක හෙයින් පිත්ත වර්ධක ගුණයක් පවතී. කුරුඳු මුඛ ශෝධනයට ඉතා ගුණයි. විදුරුමස් ශක්තිමත් කරයි. මුඛ දුර්ගන්ධය නසයි. චර්මාබාධවල දී ආලේප ලෙසින් භාවිතා කරයි. ඉදිමුම් හා වේදනාවල දී අලේප ලෙසින් භාවිතා වෙයි.ආහාර රුචිය වඩවයි. ආහාර පැසවීම කරයි. අක්මාව උත්තේජනය කරයි. පණුවන් නසයි. අරුචිය, ආම දෝෂ, උදර වේදනා, අර්ශස්,, බඩ පිපුම, වමනය ආදී රෝගවල දී ඖෂධයක් ලෙසින්් යෙදේ. කැස්ස, ඇදුම අවස්ථාවල දී සෙම සමනය කරයි. මුත‍්‍ර කාරකයි. පිළිකා හා වෙනත් රක්තය මුල්කර ගත්් රෝගවල දී ද යෙදේ.කුරුඳු ශාකයේ ඇට වලින්, පොතුªවලින්, කොළ වලින් හා මුල් වලින් තෙල් ලබා ගනී. මෙම තෙල් ශරීරයේ බාහිරව ආලේප කිරීමෙන් වාත වේදනා, හිසරදය, ආමවාත වේදනා ආදිය සුව කර ගත හැක.කුරුඳු අපනයන භෝගයක් ලෙස ද, ඖෂධයක් ලෙස ද සුගන්ධ කාරකයක් ලෙස ද ඉතා වැදගත් වන ශාකයකි.
රම්පා ව්‍යංජන රසවත් කරන, සුවඳවත් කරන මෙම රම්පා කොළ ඖෂධයක් ලෙසින් චූර්ණයක් ලෙසින් භාවිතා වෙයි. බඩ පිපුම, බඩ රිදුම, බඩ කොරය, අජීර්ණය හා වමන අවස්ථාවල දී භාවිතා කළ හැක. චූර්ණයක් නිපදවීම සඳහා මේවා භාවිතා කරයි. මෙය ද ඉතා ගුණදායකයි.
ගොරකා Rrd Mango ලෙසින් ඉංග‍්‍රීසියෙන් හඳුන්වන අම්ල වේතස ලෙසින් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන ගොරකාවල ඉන්දියාවේ හා ලංකාවේ වැවෙන වර්ග ගැන සැලකීමේ දී ප‍්‍රභේද 3 ක් දක්වා ඇත. මෙයින් රත් ගොරකා හා එල ගොරකා ඖෂධ පිණිස භාවිතා වෙයි. රත් ගොරකා ගෙඩි ඉදුණු පසු රතු පාටින් ද, එල ගොරකා ගෙඩි ඉදුණු පසු කහ පැහැය ද වෙයි.රස - අම්ලගුණ - රූක්ෂ, තීක්ෂණ, ලඝුවිර්ය - උෂ්ණවිපාක - අම්ලවාතය හා සෙම සමනය කරන අතර පිත්ත වර්ධකයි. කුසගින්න වඩවයි. හෘදයට හිතයිි. අස්ථි සන්ධානය කරයි.උදර රෝග, බඩ පිපුම, පාණ්ඩු රෝග, ඉදිමුම්, පණු රෝග, විෂ රෝග සමනය කරයි. ආමාශයේ කි‍්‍රයා කරන අතර, විරේචන ගුණයෙන් යුක්තය.01. මස්, මාලු වර්ග කල් තබා ගැනීම සඳහා ජාඩි දැමීමේ දී ගොරක හොඳ ආහාරයක් වෙයි.02. ගොරකා මුට්ටියේ සුදුළූණු දමා තිබීමෙන් සුදුළූණු නරක් නොවේ. මෙහි විද්‍යාත්මක සත්‍ය කෙසේ වුවත් අපගේ පැරැන්නන් කවදත් ගොරකා හා සුදුළූණු තැබුවේ එකම මුට්ටියකය.03. (විෂ ගෙඩි) ව‍්‍රණ ශෝථ විසිරවීමට මුල් අවස්ථාවේ දී ගොරකා කබලේ බැද ලුණු වතුරෙන් අඹරා ගෑම ඉතා හො¼දයි.04. බාලයන්ගේ අතීසාරයට පාණ්ඩුවට ඉතා ගුණ ඖෂධයකි.05. මල මුත‍්‍ර බද්ධයට ඉතා ගුණයි.06. යටි පතුල් පැලීම, ඇඟිලි කරු පැසවීම හා කැසීම වැළැක්වීමට ගොරකා තැම්බූූ වතුර ලුනු දමා සේදීම ඉතා හො¼දයි.මේ ආකාරයට ඉතා හොඳ ඖෂධයක් ලෙසින් ගොරකා හැඳින්විය හැක.
කරපිංචා කළුනිඹ, කරඹෙඹිය යන සිංහල නම් වලින් ද, ඉංග‍්‍රීීසියෙන් Curry Leaf  ලෙසින් ද, සංස්කෘත භාෂාවෙන් සුරනිම්බ, කෘෂ්ණනිම්බා, කලාෂනා යන නම් වලින් ද හඳුන්වන ජම්බීර කුලයට අයත් ශාකයකි. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල හොඳීන් වැවෙන අතර වියළි කලාපයේ සරුවට වැවේ. ආහාර රස කිරීමේ දී පත‍්‍ර භාවිතා කළ ද ඖෂධයක් ලෙස කොළ, පොතු, මුල් ආදී පංචාංගයම භාවිතා කෙරේ.රස - කටුක, තික්ත, කසටගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණ, විපාක - කටුකමෙහි කටුක, තික්ත, කසට හා උෂ්ණ, තීක්ෂණ නිසා කඵ සමනය කරන අතර උෂ්ණ නිසා වත සමනය ද වේ. මෙහි පත‍්‍ර අග්නි දීප්තිය හෙවත් කුසගින්න වඩවන, ආහාර පැසවීම සිදු කරන ගුණයෙන් යුක්තය. වමනය සමනය කරයි. පණුවන් නසන ගුණ ඇති අතර අජීර්ණ, අරුචිය, උදර වේදනා, බඩ පුරවා දැමීම ආදීී අවස්ථාවන්වල දී පත‍්‍ර චූර්ණය ඉතා ගුණදායක වෙයි. ආමය සහිත අතීසාර අවස්ථාවේ දී ද ළදරුවන්ගේ උදර වේදනාවලදී ද පත‍්‍ර යුෂ ප‍්‍රයෝජනවත් වෙයි. අධි රුධිර පීඩනයේ දී කරපිංචා කැඳ ඉතාමත් ගුණදායකයි. චර්ම රෝග අවස්ථාවල දී පත‍්‍ර අඹරා භාවිතා කරන අතර සර්ප විෂ වූ විට ද පත‍්‍ර අඹරා ප‍්‍රතිකාර කරනු ලැබේ.මේ ආකාරයට ඉතා විශාල ගුණයක් සපයන කරපිංචා කොළ ආහාරයට දැමූූ විට අප ඒවා පිඟාන වටා එකතු කර විසි කිරීමට පුරුදු වී සිටින්නෙමු. නමුත් ඒ කරපිංචා කොළ ආහාරයට ගැනීම අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනවා ඇත.
රතුළූණු ඉංග‍්‍රීීසි බසින් Onionලෙසින් ද සංස්කෘත නමින් පළාණ්ඩු ලෙසින් ද හඳුන්වයි. ආහාරයට ඉතා ප‍්‍රයෝජනවත් වන අතර තෙල් නිෂ්පාදනයේ දී ඖෂධයක් ලෙසින් මේවා ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. ස - මධුරගුණ - ගුරු, ස්නිග්ධතීක්ෂණවීර්ය - උෂ්ණවිපාක - මධුරමධුර, ගුරු, ස්නිග්ධ හෙයින් සෙම වඩන අතර, සෙම බුරුල් කර බැහැර කරයි. උෂ්ණ, තීක්ෂණ හෙයින් පිත තරමක් කෝප කරන අතර දූෂිත පිත බැහැර කරයි. ස්නිග්ධ, උෂ්ණ හෙයින් වාතය සමනය කරයි. එහෙයින් වාත රෝගවල දී බෙහෙවින් යෙදේ. වේදනාව සමනය කරයි. රුචිය වඩවයි. කුසගින්න වඩවයි. පීනස, ඇදුම, කැස්ස අවස්ථාවල දී රතුළූණු කෑමෙන් සහනයක් ඇති වෙයි. පීනස් හා ප‍්‍රතිශ්‍යා රෝගීන්ට රතුළූණු අමුවෙන් කෑම ගුණදායක වුවත්, සෙම වැගිරෙන පීනස් ඇති විට අහිතකර වෙයි. හේතුව එහි දී වැඩිපුර සෙම වැගිරීම නිසා රෝගියාට අපහසුවක් ඇති වීමයි. ක්ෂය රෝගීීන්ට ද ඉතා ගුණදායකයි. රතුළූණු බඩගින්න වඩවයි. මල බද්ධය නසයි. අර්ශස් නසයි. රුචිය වඩවයි. ආන්ති‍්‍රක විෂබීජ නසයි. ආහාර දිරවීම පහසු කරවයි. මේවා මගින් වේදනා සමනය කරවයි. සමේ රෝගවල දී ආලේප ලෙසින් භාවිතා කරයි. අමුවෙන් කෑමෙන් සම පැහැපත් වෙයි. රතුළූණු මුත‍්‍ර කාරකයි. ලේ වැගිරෙන රෝගවල දී රතුළූණු සහිත කෂාය යෙදීමෙන් ලේ නවතී. ගෝනුසු, පත්තෑ, කෘමීන් දෂ්ඨයේ දී රතුළූණු ආලේපයක් ලෙසින් භාවිතා වෙයි. රතුළූණුවල විෂබීජ උරා ගැනීමේ හැකියාවක් ඇත. එහෙයින් වාතය පිරිසුදු කරයි. සරම්ප, පැපොල, කම්මුල්ගාය අවස්ථාවල දී කාමරයේ රතුළූණු පෙති කපා තැබීමෙන් විෂ බීජ පැතිරීම වළකා ගත හැක. මෙලෙසින් ඉතා වැදගත් ඖෂධයක් හා ආහාරයක් ලෙස රතුළූණු ඉතා ගුණදායක වෙයි.
ඉඟුරු ආර්ද්‍රික, මහෞෂධ, ශුණ්ඨි, භෙෂජ, නාගර, විශ්ව යනාදී සංස්කෘත නම් වලින් ද, Ginger යන ඉංග‍්‍රීසි නමින් ද හඳුන්වන ඉඟුරු ඖෂධ පිණිස ගැනීමේ දී අමු ඉඟුරු හා වියළි ඉඟුරු දෙවගයම භාවිතා කරයි.-වියළි ඉඟුරු අමු ඉඟුරුරස -  කටුක කටුකගුණ -  ලඝු, ස්නිග්ධ ගුරු, රූක්ෂ, තීක්ෂණවිර්ය -  උෂ්ණ උෂ්ණවිපාක -  මධුර මධුර
කටුක, උෂ්ණ හෙයින් පිත්ත වර්ධකයි. උෂ්ණ හෙයින් සෙම හා වාතය සමනය කරයි. ආහාර රුචිය ඇති කරයි. කුසගින්න වඩවයි. ආහාර පැසවීම පහසු කරවයි. වේදනා නසයි. ඉදිමුම නසයි. බලය ඇති කරයි. ඇදුම, කැස්ස, පීනස සමනය කරයි. උණ නසයි. හික්කා, උගුර ආබාධ, උදර ආබාධ දුරු කරයි. ඇඟ සීතල කිරීීම්, වෙව්ලිම් දුරු කරයි. ආමවාත රෝගයට හිතකරයි.වියළි ඉඟුරු ම සිද්ධි ඉඟුරු ලෙස ද හඳුන්වයි. හුමාලයෙන් තම්බා වියළා ගත් විට සිද්ධි ඉඟුරු ලෙසින් හඳුන්වයි. ගුලි කල්ක ආදිය ඇඹරීමේ දී ද ඒවායේ අනුපාන ලෙසින් ද ඉඟුරු යුෂ බෙහෙවින් භාවිතා කරයි.කුෂ්ඨ, මුත‍්‍රාබාධ, රත්පිත් රෝග ඇති විට ඉඟුරු යෙදීම සුදුසු නොවේ. ඉඟුරු අල වතුරේ පෙඟෙන්න තබා පිට සිවිය ඉවත් කර පැය 06 ක් පමණ පවනේ වියළා පසුව තද අව්වේ වියළා ගැනීමෙන් ද සිද්ධි ඉඟුරු සකස් කරයි. ඉඟුරු මත හුනු තවරා වියළා සෝදා නැවත වියළා ගැනීමෙන් ද සිද්ධිඟුරු සාදයි. ඉඟුරු සීනි සමග සාදා ගන්නා දෝසි ප‍්‍රණීත මෙන්ම ගුණදායක ආහාරයකි. ඉඟුරු යුෂ, දෙහි යුෂ, මීපැණි එකට මිශ‍්‍රකර ගැනීමෙන් අජීර්ණ, වමන, උදර රෝග සමනය වෙයි.
උළුහාල්උ ලාරිසි ලෙසන් ද හඳුන්වන අතර ඉංග‍්‍රීසි බසින්  Fenugreek ලෙසින් ද, සංස්කෘත භාෂාවෙන් බහුපර්ණි, මෙති, දීපනී ශීත විර්ය ලෙසින් ද හඳුන්වයි.රස - කටුක, තික්ත, ගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණ, විපාක - කටුකසෙම හා වාතය සමය කරන පිත වඩන ද්‍රව්‍යයකි. මෘදු විරේක ගුණයක් ද කුසගිනි වඩන ගුණය ද ඇත. අරුචි, අජීර්ණ, වමන, පණුරෝග, අර්ශස්වලට හිතකරයි. ඉදිමුම් නසයි. රක්ත ශෝධකයි. කුෂ්ඨ නසයි. උණ සමනය කරයි. හිස කෙස් ආශ‍්‍රිත රෝගවල දී උළුහාල් තම්බා සේදීම ඉතා ගුණය
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- අම්බලන්ගොඩ